යුක්රේනයට අවි ලබාදීමට චීනයේ විරෝධය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

යුක්රේනයට අවි ලබාදීමට චීනයේ විරෝධය

යුක්රේන රජයේ හමුදා වෙත අවි ලබාදීමේ ඇමරිකානු යෝජනාව චීනය විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇතැයි වාර්තා වේ. 

චීන විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශිකා හුවා චුන්යින් පවසා ඇත්තේ යුක්රේනයේ ඇති බටහිර ආධාර ලබන රජයට අවි සැපයීම වෙනුවට යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීමට උත්සහ ගත යුතුව ඇති බවයි.

සියලූ පාර්ශ්වයන්ගේ අභිලාෂයන් සුරැකෙන ආකාරයේ දේශපාලන විසඳුමක් වෙනුවෙන් බෙයිජිං පාලනය පෙනී සිටින බවත් නැගෙනහිර යුක්රේන ජනතාවට අවි වලට වඩා අවශ්‍ය වී ඇත්තේ සාමය බවත් ඇය පවසා තිබේ.

සාකච්ඡ මාර්ගය ඇවිරෙන ආකාරයේ හෝ ගැටුම්කාරී තත්වය උත්සන්න වන ආකාරයේ සියලූ ක‍්‍රියාවන් වලින් වැළකී සිටින ලෙසද කියෙව් රජයෙන් සහ රුසියානු හිතවාදී සටන්කාමීන්ගෙන් ඉල්ලා සිටින බව චීනය පවසා ඇත.

යුක්රේනයේ දේශපාලන විසඳුමක් සඳහා චීනය සක‍්‍රියව මැදිහත් වන බවද හුවා චුන්යින් සඳහන් කර ඇතැයි පැවසේ. මේ සමග යුක්රේනයට අවි සැපයීමේ ඇමරිකානු සැලැසුම විවේචනයට ලක්කළ රටවල් අතරට චීනයද එක්වී තිබේ.  

මෙය හෙළා දුටු රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා ඇත්තේ මෙමගින් දේශපාලන විසඳුමක් සොයාගැනීමේ හැකියාවම නැති කර දමනු ඇති බවයි. යුක්රේනයට අවි මගින් විසඳුමක් සොයාගත නොහැකි බව ජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල්ද පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad