එම පක්‍ෂ නායක පූජ්‍ය ඕමල්පෙ සෝපිත හිමියන් විසින් අධාකරණ ඇමතිවරයා සහ පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති ලිපියක මේ බව දැක්වෙයි.
එම සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.
2015 ජනාධිපතිවරණය සමයේ ජාතික හෙළ උරුමයට එල්ල වූ තර්ජන, ගර්ජන, බලපෑම් හා ව්‍යාජ ප්‍රචාර සම්බන්ධවයි
එවැනි කූඨ ලේඛනයක් ඉදිරිපත් කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාය. එම කූඨ ලේඛනය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසු එය සාවද්‍ය ලේඛනයක් බව තහවුරු වී ඇත. ඒ සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතාට නීතිය ක්‍රියාත්මක කර ඇත.
එහෙත් එම කූඨ ලේඛනය පදනම් කරගෙන පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව නොමග යවමින් ජනතාව භීතියට පත් කරමින් වේදිකා දෙවනත් කළ පුද්ගලයින් තවම නිදැල්ලේ ඇත. කූඨ ලේඛනයක් පදනම් කරගෙන ජනතාව නොමග යැවු ජනතාව භීතියට පත්කරමින් ජනතාව අතරට මෙම බොරු ප්‍රචාරය ගෙනගිය පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එම පුද්ගලයින් සම්බන්ධයෙන් ද විමර්ෂණයක් කළ යුතුව ඇත.
අප පක්ෂයෙන් නෙරපන ලද බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහ ඔහුගේ බිරි`දට අප පක්ෂයේ සාමාජිකයින්ගෙන් හා නායක කාරකාදින්ගෙන් මරණීය තර්ජන එල්ල කරමින් දුරකථන ඇමතුම් ලැබෙන බව ප්‍රකාශ කරමින් සාවද්‍ය ප්‍රචාරයක් ගෙන යමින් ඇත.
අප පක්ෂයේත් පක්ෂ නායකයින්ගෙත් ප්‍රතිරූපය විනාශ කිරීම සදහාත් අනුකම්පාව ලබාගැනීම සදහාත් හිතා මතාම ගොතන ලද බොරුවකි. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ලබා දී ඇති දුරකථන ඇමතුම් පිළිබදව විමර්ශනය කරන ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.
එමෙන්ම පසුගිය ජනාධිපතිවරණ සමයේ අප පක්ෂයේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩ වාසය කරන රාජගිරියේ පිහිටි සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයට එල්ල වූ තර්ජන ගර්ජන බලපෑම් හා සදහම් සෙවන ජාත්‍යන්තර බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයට කඩාවැදී එයට පහරදීම හා එය අත්පත් කර ගැනීමට දැරූ උත්සාහය පිළිබදව ද සොයා බලන ලෙස ඉල්ලා සිටින අතර අප පක්ෂයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ හෝමාගම නිවසට එල්ල වූ තර්ජන බලපෑම් පිළිබදවත් අප පක්ෂයේ සාමාජිකයන්ගේ හා ක්‍රියාකාරිකයින්ගේ නිවෙස් වලට හමුදා නිළධාරින් යොදවමින් කළ බියවැද්දීම් හා බලපෑම් පිළිබදව ද සොයාබලා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
තෙරුවන් සරණයි!
පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි
නායක
ජාතික හෙළ උරුමය

No comments:
Post a Comment