මහින්ද රාජපක්‍ෂ මහතා 2009දී රට පාලනය කරද්දදීලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 45-48 දක්වා අඩුව තිබියදී පෙට්රල් ලීටරයක් රුපියල් 115කට ලබා දුන්නට වත්මන් ආණ්ඩුව ලබා දෙන්නේ 117කට යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, මොහොමඞ් මුසම්මිල් මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ කියා සිටියේය. ‘මේ අතුරු අය-වැය ජනතාවට සුපිරි සහන ලබා දුන් එකක් ලෙසයි හැඳින්වූයේ.
නමුත් මෙය නිශ්චිත ආර්ථික දැක්මක් සහිත අය-වැයක් ලෙස හඳුනා ගන්න බැහැ. ඇත්ත වශයෙන්ම මේක දින 100 ගෙවා ගැනීමට සකස් කළ ‘එදා වේල ට‍්‍රැවල්ස්’ අය-වැයක්.
ඊට උදාහණ 02ක් පෙන්වා දිය හැකියි. එකක් තමයි මේ සිමෙන්ති මිල අඩු කිරීම. සිමෙන්තිවලට මෙතෙක් අය කළ බද්දෙන් 7.5%ක් අඩු කළ බව අය-වැයේ සඳහන්. නමුත් ශ‍්‍රී ලංකාවට ප‍්‍රධාන වශයෙන් සිමෙන්ති ආනයනය කරන්නේ පාකිස්ථානය සහ ඉන්දියාවයි. ඉතාමත් සුළු ප‍්‍රමාණයක් ඉන්දුනීසියාවෙන් හා මලයාසියාවෙන් ආනයනය කරනවා.
පාකිස්ථානය හා ඉන්දියාවෙන් සිමෙන්ති ආනයනය කරන්නේ සැප්ටා (දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම) යටතේ. ඒ නිසා බදුවලින් තොරවයි එම රටවලින් සිමෙන්ති ආනයනය කරන්නේ.
එහෙම නම් බදු අය නොකරන සිමෙන්තිවලින්, 7.5%ක බදු අඩු කිරීමක් කරන්නේ කෙසේද? සිමෙන්ති මිල තීරණය කරද්දී සිමෙන්ති ආනයනය කිරීම සඳහා යන පිරිවැය හා මෙහෙයුම් වියදම් සලකා බලා ලාභයත් ඇතුළත් කරලා තමයි අවම පාලන මිලක් නියම කරන්නේ.
එම කටයුත්ත පාරිභෝගික කටයුතු අධිකාරිය මගිනුයි සිදු කරන්නේ. අය-වැයෙන් ප‍්‍රකාශිත බදු අඩු වීම සිදු කළ නොහැකි දෙයක් නිසා, සිමෙන්තිවල පාලන මිල අඩු කළ නොහැකි වී තිබෙනවා. ඒ නිසයි අපි කියන්නේ, ‘මේ අය-වැය තුළ නිශ්චිත ආර්ථීක දැක්මක් නැහැ’ කියලා.
ඒ වගේම ‘තෙල් මිල අඩු කළා’ කියලා අද ජනතාව විශාල රැවටීමකට ලක්කර තිබෙනවා. මේ ආණ්ඩුව කීවේ තෙල්වලට එකතු කර ඇති සියලූ බදු ඉවත් කරනවා කියලයි. පෙට්රල්, ඞීසල් හා භූමිතෙල් සියලූ බදුවලින් නිදහස් කොට ලබා දෙනවා කියලයි මේ අය කීවේ.
නමුත් අද පෙට්රල් ලීටරයක් රුපියල් 117ට ලබා දෙන්නේ සියලූ බදු ඉවත් කොට නොවෙයි. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අඩු වීමේ වාසිය විතරයි මේ ආණ්ඩුව ජනතාවට ලබා දී ඇත්තේ. 2009දී ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 45-48 දක්වා අඩු වුණා.
ඒ අවස්ථාවේදී මේ රට පාලනය කරපු මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන්ගේ ආණ්ඩුව පෙට්රල් ලීටරයක් ජනතාවට ලබා දුන්නේ රුපියල් 115කට. අදත් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 45 දක්වා අඩු වී තිබෙනවා.
මේ ආණ්ඩුව අදත් ජනතාවට පෙට්රල් ලීටරයක් දෙන්නේ රුපියල් 117කට. ඒ නිසා චම්පික රණවක ඇමතිවරයා පොරොන්දු වූ පරිදි සියලූ බදු ඉවත් කර ඉන්ධන මිල පහත හෙළීමට පියවර ගෙන නැති බව ඉතා පැහැදිලියි. මේ ආණ්ඩුවේ අය-වැය සහ ඔවුන් ගෙන යන ක‍්‍රියාදාමය ජනතාව ‘ගොනාට ඇන්දවීමේ’ එකක් බව කිවයුතුයි.
– අනුරුද්ද බණ්ඩාර
Wednesday, February 11, 2015
Home
ප්රවෘත්ති
ඩොලර් 45ට තියෙද්දී මහින්ද පෙට‍්‍රල් 115ට දුන්නා.. දැන් 117ක් ඇයි.. බදු ගහන්නෙම නැද්ද..?
ඩොලර් 45ට තියෙද්දී මහින්ද පෙට‍්‍රල් 115ට දුන්නා.. දැන් 117ක් ඇයි.. බදු ගහන්නෙම නැද්ද..?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment