අද බහුතරය සුළුතරය වෙලා.. සුළුතරය බහුතරය වෙලා.. මේක අච්චාරු ආණ්ඩුවක්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 11, 2015

අද බහුතරය සුළුතරය වෙලා.. සුළුතරය බහුතරය වෙලා.. මේක අච්චාරු ආණ්ඩුවක්…

පාසල්වල මුදල් එකතු කිරීම තහනම් කරන බව මාධ්‍යය ඉදිරියේ පැවසූ අධ්‍යාපන ඇමතිවරයා නිකුත් කළ චක‍්‍රලේඛයෙන් ළමුයින්ගෙන් මුදල් එකතු කිරීමට බලය පවරා ඇති බවත් අච්චාරු ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයා අධ්‍යාපනයද අච්චාරුවක් බවට පත් කරමින් සිටින බවත් බස්නාහිර මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.

අලූත් චක‍්‍රලේඛ මගින් සිදු කර ඇත්තේ විදුහල්පතිවරුන්වත්, දෙමාපියන්වත, දරුවන්වත්් අසීරුතාවයට පත් කිරීම බව වැඩිදුරටත් පෙන්වා දෙන මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා අධ්‍යාපන ඇමතිවරයා අධ්‍යාපනය පඹගාලක පටලවමින් සිටින බවද අවධාරණය කරයි.

දිවුලපිටිය, හොරගස්මුල්ල කණිෂ්ට විද්‍යාලයේ ඉ`දිකළ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් බස්නාහිර පළාත් මහ ඇමත ප‍්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ  ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

‘‘ දෙමාපියන්ගේ සහයෝගය නැතිව අධ්‍යාපනය දියුණු කරන්න බෑ. මුදල් එකතු කරන එක අපි තහනම් කරන්න  ඕනේ. හැබැයි ඒ වගේම පාසලක් පවත්වාගෙන යන විට විදුහල්පතිවරුන් මුහුණ දෙන ගැටළු වලටත් අපි විස`දුම් ලබා දිය යුතුයි.

සාමාන්‍යයෙන් පාසල් වල දුරකතන, විදුලි බිල් ගෙවන්න වසරකට රුපියල් ලක්ෂ දෙකක් යනවා. ඊට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා දෙන්න අපිට බැහැ. ඒ නිසා දෙමාපියන්ගේ සහයෝගය පාසලේ දියුණුව සදහා ලබා ගත යුතුයි.

අපේ අලූත් අධ්‍යාපන ඇමතිතුමා බලයට පත්වුණු ගමන් මාධ්‍යය ඉස්සරහට ගිහින් එක එක දේවල් කියනවා ලාබ ප‍්‍රසිද්ධියට. නමුත් කි‍්‍රයාත්මක කරන්න ගියාම තමයි ඒකේ ප‍්‍රශ්ණ මතුවෙන්නේ. මෙහෙම ගියොත් සමස්ත අධ්‍යාපන පද්ධතිය වැටීම වලක්වන්න බෑ. 

අධ්‍යාපන ක්ෂෙත‍්‍රයේ මොනවා හරි ගැටලූවක් තියෙනවා නම් ඒ ගැටළුව විසදිය යුත්තේ හදවතින් නොව බුද්ධියෙනි. වසර ගණනාවක් තිස්සේ පළමු වසරට ළමුන් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් අපේ සමාජ තුළ විවිධ කතාබහ තිබෙනවා. 

දැන් තිබෙන ක‍්‍රමවේදයේ ගැටළුවක් තිබෙනවා නම් ඊට අදාළ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. අධ්‍යාපන වේදීන්ගේද උපදෙස් ඇතිවයි සකස් කළ යුත්තේ නැතිව අධ්‍යාපන ඇමතිවරුන් මාරු වන මාරු වන පලියට චක‍්‍රලේඛ සකස් කරන්න ගියොත් අධ්‍යාපනය අච්චාරුවක් වීම කිසිවෙකුට වලක්වන්න බෑ.

ඒ වගේම අපේ පංති කාමර සකස් වෙලා තියෙන්නේ දරුවන් 35 කට ගැළපෙන පරිදියි. නමුත් ඒක දැන් වෙනස් වෙමින් යනවා. ජනපි‍්‍රය පාසල් එක පංතියක දරුවෝ 45- 50 ඉන්නවා. ඒක හොද තත්වයක් නෙමෙයි. අපි උත්සහ කරන්න  ඕනේ මේ වගේ තත්වයන් වෙනස් කරන්නයි. 

ඒකට විධිමත් වැඩ පිළිවෙලක් අවශ්‍යයයි. දවසට එක ගානේ චක‍්‍රලේඛණ නිකුත් කරලා අධ්‍යාපනය රැක ගන්න බෑ’’ බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර චන්දන ජයකොඩි, මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශී‍්‍ර ලාල් නෝනිස් යන මහත්වරුන්ද මෙහිදී අදහස් පල කලහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad