ලැම්බෝගිනි නැමති ඉතාලි මෝටර් රථය මේ දිනවල ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබේ.
ලැම්බෝගිනි අලෙවියේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන මයික්‍රෝ කාර් සමාගමට අනුබද්ධ Euro Sports සමාගමේ සභාපතිවරයා වන ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා අප සමග පැවසුවේ ලංකාවේ දෙදෙනෙකු සතුව මෙවැනි මෝටර් රථ තිබෙන බවයි.
“මෝටර් රථ ධාවන ශූරයෙකු වන ඩිලන්ත මාලගමුව සතුවත් තවත් ව්‍යාපාරිකයෙකු සතුවත් ලැම්බෝගිනි මෝටර් රථ එක බැගින් තිබෙනවා. ඔවුන් ඒවා මිලදී ගත්තේ අප සමාගමෙන් නෙවෙයි. නිෂ්පාදන සමාගම ලැම්බෝගිනි මෝටර් රථයක් ලංකාවේ අලෙවිකරනවා නම් මේ වනවිට සිදුකරන්නේ අපේ සමාගම මගිනුයි.
අපි කිසිදු ලැම්බෝගිනි මෝටර් රථයක් ලංකාවේ තවම අලෙවි කර නෑ. දැනට ලංකාවේ තිබෙන ලැම්බෝගිනි මෝටර් රථ දෙක මිලදීගෙන තිබෙන්නේ වෙනත් රට වලින්. නිෂ්පාදන සමාගම හැර වෙනත් රටකින් ලැම්බෝගිනි මෝටර් රථයක් ගෙන්වනවා නම් අප සමාගම හරහා ගෙන්විය යුතු වන්නේ නෑ.“
යනුවෙන් ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා පැවසීය.
Euro Sports සමාගම විසින් මේ වනවිට ලැම්බෝගිනි මෝටර් රථ තුනක් ලංකාවේ අලෙවියට තබා තිබෙන බවත් මෙම මෝටර් රථයක් වෙනුවෙන් නිෂ්පාදන සමාගමට ලැබෙන්නේ රුපියල් මිලියන 25 ක පමණ මුදලක් බවත් පැවසූ ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා සඳහන් කළේ මෙම මෝටර් රථයෙන් රුපියල් මිලියන 65 ක් රජය බදු ලෙස ලබාගන්නා බවයි.
“ලංකාවේ ලැම්බෝගිනි මෝටර් රථයක් අලෙවි කරන්නේ රුපියල් මිලියන 91 ක් වැනි මිලකටයි. අප සමාගමට මෝටර් රථයක් අලෙවි කළොත් ලැබෙන්නේ රුපියල් මිලියනයක් විතර ලාභයක්. මෙම මෝටර් රථය වැටෙන්නේ සුඛෝපභෝගී මෝටර් රථ කාණ්ඩයට නෙවෙයි. මෙය අධි තාක්ෂණික අධිවේගී මෝටර් රථයක්.“
“ලැම්බෝගිනි යන සන්නාමය ලෝකයේ ප්‍රචලිත වෙලා තිබෙන්නේ එහි තිබෙන අධි තාක්ෂණය හේතුවෙන්. මෙම මෝටර් රථය පැයකට කිලෝ මීටර් 250 ක පමණ වේගයකින් ගමන් කළ හැකි එකක්. මෙය අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ලෙස ඇතමුන් සඳහන් කිරීම වැරදියි.“
යනුවෙන් ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා වැඩිදුරටත් කීය.
යමෙකුට ලැම්බෝගිනි මෝටර් රථයක් මිලදීගැනීමේ හැකියාවක් තිබෙනවා නම් රජයට නිසි පරිදි බදු ගෙවමින් එවැනි මෝටර් රථ අලෙවි කිරීමේ වරදක් නොමැති බවත් මෝටර් රථයක් අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 65 ක් වැනි බදු මුදලක් රජයට ලැබීමෙන් එයින් රජයේ බදු ආදායම සරුවනු ඇති බවත් ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතාගේ අදහසයි.
“අපේ සමාගමේ ලැම්බෝගිනි සම්බන්ධයෙන් කටයුතු කරන කාර්මිකයින් බොහෝ දෙනෙකුට ලෝකයේ හොඳ රැකියා අවස්ථාවන් ලැබුණා. තවත් අයට එවැනි අවස්ථා ලැබේ යැයි මා විශ්වාස කරනවා. එයට හේතුව වන්නේ මෙම මෝටර් රථයේ තිබෙන අධි තාක්ෂණික ස්වභාවයයි.“
Wednesday, January 28, 2015
ලංකාවටම ලැම්බෝගිනි ඇත්තේ දෙකයි.. එකක් ඩිලන්ත මාලගමුවගේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment