සුනිල් නරේන් ලෝක කුසලාන තරගමාලාවෙන් ඉවත්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 28, 2015

සුනිල් නරේන් ලෝක කුසලාන තරගමාලාවෙන් ඉවත්වෙයි

බටහිර ඉන්දීය කොදෙව් පිලේ ප්‍රබලතම දඟපන්දු යවන්නා වන සුනිල් නරේන් එළැඹෙන ලෝක කුසලාන තරගමාලාවට සහභාගී නොවීමට තීරණය කර ඇත.

සිය පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ වැඩිදුරටත් කටයුතු කිරීමට අවශ්‍ය බව කියමින් ඔහු විසින්ම මේ තීරණය ගනු ලැබීය.

සුනිල් නරේන්ගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට පිට පිට දෙවතාවකදීම පසුගිය චැම්පියන් ලීග් තරගාවලියේ දී චෝදනා එල්ල වී තිබිණි.

සිය පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව නරේන් පසුගියදා කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා තිබෙන අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට යළි අවතීර්ණ විමට තරම් තමාගේ පන්දු යැවීමේ ඉරියව් ගැන පූර්ණ විශ්වාසයක් තමා තුල නැති බව ද කියා සිටි‍යේය.

'ලෝක කුසලාන තරගමාලාව වැනි අතිශය වැදගත් තරගාවලියකට සහභාගීවෙද්දී මම පෞද්ගලිකව මගේ පැත්තෙන් ව‍ගේම අපේ රටේ කීර්තිය ගැනත් සැළකිලිමත් විය යුතුයි.

මගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ 100%ක්ම විශ්වාසයක් ගොඩනැගෙනතුරු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වීම ප්‍රමාද කරන්නයි අපි තීරණය කළේ.' සුනිල් නරේන් පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad