මහින්දට මෙහෙම මඩ ගහන්න දෙන්න බෑ.. තනතුර රැකගන්න මා කටවහගෙන ඉන්නේ නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 28, 2015

මහින්දට මෙහෙම මඩ ගහන්න දෙන්න බෑ.. තනතුර රැකගන්න මා කටවහගෙන ඉන්නේ නෑ..

තනතුර රැකගන්න කට පියාගෙන ඉන්න තමන් සුදානම් නැති බවත් හිටපු ජනාධිපති මහින්දගේ හා ශ‍්‍රීලනිපයේ ප‍්‍රතිරූපය බිඳීමට ඉඩ නෙදෙන බවත් බස්නාහිර පළාත් මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

‘තනතුර රැකගන්න කටපියාගෙන ඉන්න මා සූදානම් නෑ. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නගන චෝදනා ද්වේෂ සහගත බව පේනවා. එක්සත් ජාතික පක්ෂය මේ චෝදනා ඉදිරිපත් කරන්නේ එතුමාගේ ප‍්‍රතිරූපය බි`දින්න. ඒ වගේම අපේ පක්ෂයේ ප‍්‍රතිරූපය බිදින්නයි. 

මෙයට ඉඩ දෙන්න එපා කියලා අපේ පක්ෂයේ නායක මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එජාපය හිතාගෙන ඉන්නේ ඔවුන් දිනලා ඉවරයි කියලා. නමුත් අප අමතක කළ යුතු නෑ මේ පවතින ආණ්ඩුවේ ආයු කාලය දින 100යි කියලා. 

ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා.ඒ මැතිවරණයේදී අපට ජයග‍්‍රහණය කරන්න පුළුවන්. ඒ මැතිවරණයට මුහුණ දෙන්නේ ජනාධිපතිවරුන් තුන් දෙනෙකුගේ නායකත්වයෙන්. ඉතිහාසයෙන් බිහිවූ ශක්තිමත් දේශපාලන පක්ෂය ලෙස අපි ඉදිරි මහා මැතිවරණයට මුහුණ දෙනවා.

ඒ නිසාම තමයි එජාපය හොදටම බය වෙලා ඉන්නේ.ඒ නිසයි ඔවුන් අපේ හිටපු නායකයාගේ ප‍්‍රතිරූපය විනාශ කරන්න හදන්නේ.පක්ෂයක් ලෙස අපි ඒකට ඉඩ දිය යුතු නෑ’ යයිද ඔහු සදහන් කලේ කොළඹ සිය නිල නිවසේදී මාධ්‍ය අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad