ගම්මන්පිළ අපිව රවැට්ටුවා - හතක් ආපසු හැරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 28, 2015

ගම්මන්පිළ අපිව රවැට්ටුවා - හතක් ආපසු හැරේ

උදය ගම්මන්පිළ මහතා තමන් රවටා පක්ෂයෙන් ඉවත්කර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට එක් කරගත් බවත් තමන් රැවටීමකට ලක්වූ බවත් පවසමින් ජාතික හෙළඋරුමයේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් උදය ගම්මන්පිල මහතා සමඟ එක්ව එම පක්ෂයෙන්ඉවත්වූ එහි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හත් දෙනෙක් යළිත් ජාතික හෙළඋරුමයට එක්ව ඇත.

සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුන්කළහේනේරතනරංසී හිමි, ගම්පහ නගර සභා මන්ත්‍රී නලින් සමන්ත, උඩුදුම්බර ප්‍රාදේශීයසභා මන්ත්‍රී අනුරුද්ධ මඩුගල්ල, පදියතලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත්රණවක, කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහණ විල්බට් පෙරේරා, බේරුවලප්‍රාදේශිය සභා මන්ත්‍රී සුමිත් නිශාන්ත, පානදුර ප්‍රාදේශිය සභා මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යන පිරිස මෙලෙස නැවත හෙළ උරුමයට එක්විය.

No comments:

Post a Comment

Post Bottom Ad