ඊශ‍්‍රායල් ජාතිකයෙක් මැඩෝනාගේ පරිගණයකට රිංගයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 28, 2015

ඊශ‍්‍රායල් ජාතිකයෙක් මැඩෝනාගේ පරිගණයකට රිංගයි

ලෝකප‍්‍රකට පොප් ගායිකා මැඩෝනාගේ පරිගණකයට නීති විරෝධීව ඇතුළු වී එහි දත්ත සොරාගත් බවට චෝදනා එල්ල වූ ඊශ‍්‍රායල් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මැඩෝනාගේ මෙතෙක් එළිදක්වා නොමැති නවතම ගීත සොරාගෙන සැකකරු විසින් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර ඇති බවයි ඊශ‍්‍රායල් පොලිසිය පැවසුවේ. 

මැඩෝනාට අමතරව තවත් ජාත්‍යන්තර මට්ටමේ ජනප‍්‍රිය කලාකරුවන්ගේ පරිගණකවලින් සැකකරු දත්ත සොරාගෙන ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. 

කෙසේවෙතත් එම කලාකරුවන්ගේ නම් මෙතෙක් අනාවරණය කර නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ඊශ‍්‍රායලයේ රූපවාහිනී නාලිකාවක පැවති රියැලිටි වැඩසටහනකට එක් වූ තරගකරුවෙකු බවයි.  

No comments:

Post a Comment

Post Bottom Ad