ෆයිසර් අවුලක.. ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 28, 2015

ෆයිසර් අවුලක.. ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි..?

සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් වාහන සහ බඩු භාණ්ඩ භාරදී සේවයෙන් ඉවත් වන්නැයි අමාත්‍යවරයා විසින් ඊයේ (27දා) දන්වනු ලැබ ඇති බව අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා යටතේ ඇති විෂයයන් කප්පාදු කිරීමක් සම්බන්ධයෙන් ඔහු කනස්සල්ලට පත්වී සිටින බවද එම ආරංචි මාර්ග අනාවරණය කෙළේය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයෙන් විමසීම සඳහා ඔවුන්ගේ අමාත්‍යාංශ දුරකතනවලට ඇමැතුම් ලබා දුන්නද කිසිවකු ප්‍රතිචාර දැක්වූයේ නැත.


මේ සම්බන්ධයෙන් ඇමැති ෆයිසර් මුස්තාෆා මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ පෞද්ගලික කාර්ය මණ්ඩලය තම හිතවතකුගේ දානමය පින්කමකට සහභාගි වීම සඳහා ගොස් ඇති බවය.

තමන්ට කිසිවකු සමඟ ගැටලුවක් නොමැති බවත් ඉදිරියටත් සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරගෙන යන බවත් ඔහු කීය.

– Mawbima

No comments:

Post a Comment

Post Bottom Ad