ළගඳීම ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ යාමට පටන් ගනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බව පෙට්‍රෝලියම් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් ඔපෙක්හි ප‍්‍රධානි අබ්දල්ලා එල් බද්රි පවසා තිබේ.
බද්රි පවසන්නේ තෙල් මිල ඊට ළගා විය හැකි අවම මට්ටමට පැමිණ ඇති බවයි. සමුළුවකට සහභාගී වෙමින් සිටි අතරවාරයේදී ඔහු මේ අදහස් දක්වා තිබේ.
බොරතෙල් බැරලයක මිල ඩොලර් 45-50 පමණ වූ පසු එය ඊට වඩා අඩු විය නොහැකි බව බද්රිගේ අදහසයි. පසුගිය වසරේ ජුනි මාසයේ සිට මේ දක්වා 50%කින් පමණ තෙල් මිල පහත වැටී තිබේ.
කෙසේවෙතත් ඔපෙක් ප‍්‍රධානියාගේ ප‍්‍රකාශයෙන් පසුවද සඳුදා දිනය තුළ තෙල් මිල මදක් පහත වැටුණු නමුත් අගහරුවාදා යළි එය සුළු වර්ධනයක් අත්පත් කරගත් බව වාර්තා වේ.
මාර්ච් බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 48.33 දක්වා ශත 17කින් වැඩිවූ අතර ඇමරිකානු සම්මතය වන බටහිර ටෙක්සාස් අන්තර්මධ්‍යම බොරතෙල් මිල මාර්තු මස සැපයුම් සඳහා ඩොලර් 45.26 දක්වා ශත 11කින් ඉහළ යන ලදී.
සවුදි අරාබියාවේ අබ්දුල්ලා රජුගේ මරණයෙන් පසුවද තෙල් මිල මදක් ඉහළ ගියද සවුදි අරාබිය සිය තෙල් නිෂ්පාදන ප‍්‍රතිපත්තිය වෙනස් කරාවිද යන්න සම්බන්ධයෙන් ආයෝජකයින් තුළ දෙගෙඩියාවක් පවතින බව පැවසේ.
ඔපෙක් සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයෙකු වන සවුදි අරාබිය විසින් සිය නිෂ්පාදන මට්ටම් නොවෙනස්ව පවත්වාගැනීමට ගත් තීරණය සමග තෙල් මිල වඩාත් පහත වැටිණි.
Wednesday, January 28, 2015
තෙල් මිල ළඟඳීම ආපසු ඉහළ යාවි – ඔපෙක් ප‍්‍රධානී
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment