ඉස්ලාමික නොවන ජනතාවට යාමට නොහැකි කලාපයන් ප‍්‍රංශයේ පැරිස් අගනුවර ඇති බවට වාර්තා කළ ෆොක්ස් නිව්ස් පුවත් සේවයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට පැරිස් නගරාධිපතිනි ඈන් හිඩැල්ගෝ තීරණය කර ඇතැයි වාර්තා වේ.
සී.එන්.එන් පුවත්සේවයේ ක‍්‍රිස්ටියානා අමන්පෝර් සමග පැවති සාකච්ඡවකදී හිඩැල්ගෝ පවසා ඇත්තේ තමන්ට කීර්තිනාමයක් පවතින අවස්ථාවකදී තමන්ට අවමන් කර ඇති නම් එය නිවැරදි කරගැනීම සඳහා නඩු පැවරීම කළ යුතු බවයි.
ඇමරිකානු ෆොක්ස් පුවත් සේවය පැරිසිය පිළිබඳව ව්‍යාජ පුවත් අවස්ථා ගණනාවකදී වාර්තා කර ඇති අතර පැරිසියේ සහ බි‍්‍රතාන්‍යයේ ඇතැම් ප‍්‍රදේශයන්හි ෂරියා නීතිය ක‍්‍රියාත්මක කෙරෙන කලාපයන් ඇති බව එහි දක්වා තිබේ.
එම ආයතනය පවසා ඇත්තේ මෙවැනි කලාපයන් තුළට අන්‍යාගමිකයන්ට හෝ බලධාරීන්ට ගමන් කළ නොහැකි බවයි.
ජනවාරි 10වනදා ෆොක්ස් පුවත් සමග සම්බන්ධවූ ගැටුම් වාර්තාකරුවකු ලෙස හඳුන්වාගත් නෝලාන් පීටර්සන් යුරෝපා නගරවල ඇති මෙවැනි ප‍්‍රදේශයන් ඔසාමා බින් ලාඩන්ගේ රුව රැගත් ටී ෂර්ට් හැඳ යන තරුණයන් සිටින ඇෆ්ගනිස්ථානය, ඉරාකය හෝ ඉන්දියාවේ කාශ්මීරයට සමාන බව පවසා තිබේ.
මේ පිළිබඳව කිහිපවරක්ම සමාව අයැද සිටීමට ෆොක්ස් පුවත් සේවය විසින් පසුව පියවර ගත් බව පැවසේ. කෙසේවෙතත් මෙම පුවත් වාර්තාකරණය වෙනත් පුවත්සේවයන් විසින් හාස්‍යයට ලක්කරනු දක්නට ලැබිණි.
Friday, January 30, 2015
පැරිස් නුවර ඉස්ලාම් කලාප ගැන කී ෆොක්ස් පුවත්සේවයට නඩු
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment