කෝන්තර අමතක කර මෛතී‍්‍ර, චන්ද්‍රිකා, මහින්ද එකතු නොවුණහොත් ශ‍්‍රීලනිපය අනතුරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 30, 2015

කෝන්තර අමතක කර මෛතී‍්‍ර, චන්ද්‍රිකා, මහින්ද එකතු නොවුණහොත් ශ‍්‍රීලනිපය අනතුරේ..

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත්, මහින්ද රාජපක්‍ෂ මහතාත් කෝන්තර අමතක කර එකතු නොවුණහොත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අනතුරේ බවත්, පාක්ෂිකයන් සහ පක්‍ෂය ගැන සලකා එකතු වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් බස්නාහිර මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා මිනුවන්ගොඩ, උඩුගම්පල, ශී‍්‍රලනිප කාර්යාලයේ පැවැති තරුණ සංවිධාන රැස්වීමකදී මේ බව සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.
‘පසුගිය ජනාධිපතිවරණය තාවකාලික පසුබෑමක් විතරයි. 

එය අප ලැබු පරාජයක් ලෙස සැළකිය යුතු නෑ. ඉදිරි මහ මැතිවරණය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට ජයග‍්‍රහණය කරන්න පුළුවන්. අපිට රටේ කිසිදු දේශපාලන පක්‍ෂයකට නැති ශක්තියක් තිබෙනවා. 

අද මේ පක්‍ෂයට නායකත්වය දෙන්නේ වර්තමාන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා. ඒ වගේම හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත්, මහින්ද රාජපක්‍ෂ මැතිතුමාත් අපේ පක්‍ෂයේ උපදේශකවරුන් මෛතී‍්‍ර – චන්ද්‍රිකා – මහින්ද එකමුතුවක්  පක්‍ෂය තුළ ගොඩනැගුන හොත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පරද්දන්න කිසිවෙකුට බැරි වෙනවා.

ජනාධිපතිවරණයෙන් පස්සේ අද අපේ පාක්ෂිකයෝ අසරණ වෙලා. ඒ අයගේ දේශපාලන පළිගැනීම් සිදු වෙනවා. මේ තත්වය වෙනස් කල හැක්කේ ඉදිරි මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමෙන් පමණයි. අපි සමග සිටි සියලූම පක්‍ෂ එකතු කරගෙන වැරදි හදාගෙන අපි හැමෝම එකතු වුණොත් පක්‍ෂයත්, පාක්ෂිකයනුත් රැකගන්න පුළුවන්.

ඒ නිසා අපේ පක්‍ෂයේ සභාපති වර්තමාන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාටත්, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියටත්, මහින්ද රාජපක්‍ෂ මැතිතුමාටත් මම කියනවා දැන් සියලූ වාදභේද අතහැරලා අපේ පක්‍ෂය හා පාක්ෂිකයන් වෙනුවෙන් එකතු වෙන්න නැත්නම් අපේ පාක්ෂිකයනුත්, පක්ෂයත් අනතුරේ. බෙදුණොත් අප පරාජය කරන්න පහසුයි. එකතු වුවහොත් අප පරාජය කිරීම කිසිවෙකුට කරන්න බෑ.

අපේ රට දශක තුනක් යුද්ධයෙන් බැට කෑ රටක්. මේ රට ගොඩනගන්න ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයයි. ඒ ස්ථාවර ආණ්ඩුව ශී‍්‍රලනිපය ප‍්‍රමුඛ සංධානයකින් බිහිවීමයි. අපේ අපේක්ෂාව. එතකොටයි මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාව ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ. 

ඒ නිසා අපි හැමෝම එකතු වෙලා ඊළග මැතිවරණය ජයග‍්‍රහණය කළ යුතුයි. ඒ සදහා නායකයන් මුලින් එකතු වෙන්න  ඕනේ. නායකයන් එකතු නොවී පක්‍ෂත් පාක්ෂිකයනුත් රැකගන්න බැහැ’

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad