අයවැය ක්‍ෂණික සහන දෙන එකක්.. දිගු කාලීන ආර්ථික අපාය මාර්ගයක් නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 30, 2015

අයවැය ක්‍ෂණික සහන දෙන එකක්.. දිගු කාලීන ආර්ථික අපාය මාර්ගයක් නෑ..

නව රජය විසින් ඊයේ ඉදිරිපත් කරන ලද අතුරු අයවැය ලේඛණයෙන් රටේ ආර්ථිකය සම්බන්ධ කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන ආර්ථික උපාය මාර්ග පිළිබවඳඇතුළත් වී නැතැයි ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පවසයි.

‘ක්ෂණිකව ලබා දෙන සහන මේ මොහොතේ ජනතාවන්ට තිබෙන පිඩාවන්ට හිතකර වුනත් අපේ රට ගමන් කරන ආර්ථික උපාය මාර්ග මේ අය වැය ලේඛනයෙන් සදහන් වෙන්නේ නෑ. මෙයට දිගු කාලින ආර්ථික ගමනක් කෙටි කාලින ආර්ථික ගමනක් පිළිබද දැක්මක් ඉදිරිපත් වෙලා නෑ.

මෙය මේ මොහොතේ පිඩාවට පත් වී සිටි ජනතාවන්ගේ උවමනා ඉටු කිරීම සදහා තිබෙන අයවැයක් පමණයි. ලබා දෙන සහනයෙන්ම පමණක් ආර්ථික ප්‍රතිපත්ති පිළිබිඹු වෙනවා කියලා අපි හිතන්නේ නැහැ’ යයිද නායකවරයා කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad