පාපන්දු පිටි 5ක් විශාල ඇස්ටරොයිඩයක් පෘථිවියට සමීප වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 28, 2015

පාපන්දු පිටි 5ක් විශාල ඇස්ටරොයිඩයක් පෘථිවියට සමීප වේ

පාපන්දු පිටි 5ක පමණ විශාලත්වයකින් යුතු ඇස්ටරොයිඩයක් පෘථිවියට සමීප වෙමින් ඇති බව වාර්තා වේ.  

පෘථිවියට සමීපතම පිහිටුමේදී එය කිලෝමීටර් මිලියන 1.2ක් ඈතින් පිහිටනු ඇති අතර එය පෘථිවියේ සිට සඳට ඇති දුර මෙන් තුන්ගුණයකි.

කිලෝමීටර් 0.5ක විෂ්කම්භයකින් හෙබි 2004BL86 ග‍්‍රහකය අනතුරුදායක විය හැකි බවට විද්‍යාඥයින් විසින් වර්ගීකරණය කර තිබේ.

පෘථිවිය සමග තාරකා විද්‍යා ඒකක 0.05කට (සඳට ඇති දුර මෙන් 19.5 ගුණයක්) අඩු පරතරයක් සහිතව පෘථිවි කක්‍ෂය ෙඡ්දනය කරන්නේ නම් සහ විෂ්කම්භය මීටර් 100-150කට වැඩිනම් ග‍්‍රහවස්තුවක් අනතුරුදායක විය හැකි ලෙස වර්ගීකරණය කෙරෙන අතර එවැන්නක් ගැටීමෙන් විශාල විනාශයක් සිදුවීමේ ඉඩකඩ පවතී.

නාසා ආයතනයේ පෘථිවියට සමීප ග‍්‍රහවස්තු වැඩසටහනේ විද්‍යාඥ ඩොන් යෙ ඕමාන්ස් පවසන්නේ පෙරදැකිය හැකි කාල සීමාව තුළදී මෙම ග‍්‍රහකය පෘථිවියේ ගැටීමක් සිදුනොවනු ඇති බවයි.

නමුත් මෙය සාපේක්‍ෂව විශාල ඇස්ටරොයිඩයක් අපට ආසන්නයෙන් ගමන් කිරීමක් වන බැවින් නිරීක්‍ෂණයට හා වැඩි දුර අධ්‍යනයට අවස්ථා සකසන බව ඔහුගේ අදහසයි.

මෙවැනි විශාල ඇස්ටරොයිඩයක් පෘථිවියට සමීප වීම දුර්ලභ සිදුවීමක් ලෙස සැලකේ.  යළිත් මෙවැන්නක් දිස්වනුයේ 2027දී 1999AN10 පෘථිවියට සමිප වන විටදී බව විද්‍යාඥයින් පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad