CIDයට අලුත් ලොක්කෙක් පත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 17, 2020

CIDයට අලුත් ලොක්කෙක් පත් කරයි

CIDයට අලුත් ලොක්කෙක් පත් කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ආර්.පී.ජේ. ද අල්විස් මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස නම් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. 

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත අදාළ ස්ථානමාරු කිරීම් සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව ද එම මූලස්ථානය පවසයි.

මීට අමතරව මානව සම්පත් කළමනාකරණ දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා මානව සම්පත් කළමනාකරණ බඳවා ගැනීම්, විනය හා ජාත්‍යන්තර සබඳතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත් කර තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad