පොලිස් අත්අඩංගුවට ගත් කාන්තාවක් මියයයි - ඥාතීන් පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 17, 2020

පොලිස් අත්අඩංගුවට ගත් කාන්තාවක් මියයයි - ඥාතීන් පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක

පොලිස් අත්අඩංගුවට ගත් කාන්තාවක් මියයයි - ඥාතීන් පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවේදී මියගිය බවට චෝදනා කරමින් ඇයගේ ඥාතීන් පිරිසක් ඊයේ (16) හික්කඩුව පොලීසිය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයක් මත කරාපිටිය රෝහලට ඇතුළත්කර සිටියදී ඇය මියගොස් තිබේ.

හික්කඩුව කලුපේ ප්‍රදේශයේ 52 හැවිරිදි කාන්තාවක් පසුගිය 13 වැනිදින හික්කඩුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට අදාළවය.

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම් අතරතුරදී අදාළ සැකකාරියට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය කාරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර එම කාන්තාව ඊයේ පස්වරුවේ මියගොස් ඇති බව වාර්තා විය.

සිද්ධිය සැළවීමත් සමඟ මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් විසින් හික්කඩුව පොලිස් ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවූයේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇය මිය ගිය බවට චෝදනා කරමිනි.

ඇයගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති අතර සිද්ධිය පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.

No comments:

Post a Comment

Post Bottom Ad