හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට තානාපති ධුරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 17, 2020

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට තානාපති ධුරයක්

විදෙස් සේවයට පත් වූ නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සිව් දෙනෙක් ඊයේ (16දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ.

හිටපු අගවිනිසුරුවරයෙක් වන මොහාන් පීරිස් මහතා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස පත් කර තිබේ.

මීට අමතරව චීනයේ නව තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, ජපානයේ නව තානාපති සාජිව් ගුණසේකර මහතා හා ජිනීවා හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සී. ඒ. චන්ද්‍රපේම මහතා මෙසේ අග්‍රාමාත්‍යවරයා හමුවූහ.

විදෙස් තානාපති සේවයට යන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ට අග්‍රාමාත්‍යවරයා මෙහිදී සුබ පැතුම් එක් කළේය.

නව පත්වීම් ලද මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නොබෝ දිනකින් සිය තානාපති සේවය සඳහා විදෙස්ගතවීමට නියමිතය. 


No comments:

Post a Comment

Post Bottom Ad