ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්.. ඊට විරුද්ද ඇමරිකා කොලණි කුමන්ත‍්‍රණය 20 සංශෝධනයයි - විජේදාස රාජපක්ෂ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 17, 2020

ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්.. ඊට විරුද්ද ඇමරිකා කොලණි කුමන්ත‍්‍රණය 20 සංශෝධනයයි - විජේදාස රාජපක්ෂ

මේ යන ආකාරයට තවත් වසර කිහිපයක් ඇතුලත ශ්‍රී ලංකාව ස්ථිර වශයෙන්ම චීන කොලණියක් බවට පත්වන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඊට එරෙහිව ශ්‍රී ලංකාව ඇමරිකානු කොලනියක් බවට පත්කර ගැනීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක වන බවත් ඒ සදහා වන ඇමෙරිකානු දූත කණ්ඩායම නුදුරේදීම ලංකාවට පැමිණෙන බවත් ඔහු පවසයි.

විසිවෙනි සංශෝධනය වනු ශ්‍රී ලංකාව චීන කොලනියක් බවට පත්වීමට එෙරහිව ඇමරිකානු කොලනියක් බවට පත්කර ගැනීමේ කුමන්ත්‍රනය බවද ඔහු පෙන්වා දෙයි.

ජනතාව විශ්වාසය තබා ජනාධිපතිවරයෙකුට ආණ්ඩුවකට රට බාර දී ඇත්තේ රට රැක ගැනීමට නමුත් ඔවුන් රට පාවාදෙනවා නම් ජනතාව අසරණයි කියා බලා නොසිටිනු ඇති බවත් ජනතාවට තම බලය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් එළඹෙනු ඇතැයි ද ඔහු කියා සිටියේය. 


No comments:

Post a Comment

Post Bottom Ad