සමාගම් දෙකකට ලිසිං දීම සීමා කරයි – ලියාපදිංචි ආයතන මෙන්න - මහ බැංකුවෙන් නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 17, 2020

සමාගම් දෙකකට ලිසිං දීම සීමා කරයි – ලියාපදිංචි ආයතන මෙන්න - මහ බැංකුවෙන් නිවේදනයක්

ලියාපදිංචියකින් තොරව, කල්බදු මූල්‍යකරණ දඬුවම් ලැබිය හැකි වරදක්

2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනත යටතේ කල්බදු මූල්‍යකරණ පහසුකම් ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ලැයිස්තුවක් මහ බැංකුව ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

මේ අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ලියාපදිංචියකින් තොරව, කල්බදු මූල්‍යකරණ කටයුතු (finance leasing business) පවත්වා ගෙන යාම කල්බදු මූල්‍යකරණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි වී තිබෙන කල්බදු මූල්‍යකරණ ආයතන ලැයිස්තුවට බලපත්‍රලාභී වාණිජ බැංකු 12ක්, බලපත්‍රලාභී විශේෂිත බැංකු 4ක්, විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් 3ක් සහ බලපත්‍රලාභී මුදල් සමාගම් 39ක් ඇතුළත්ව තිබෙනවා.

කෙසේ වෙතත් බලපත්‍රලාභී මුදල් සමාගම් ලැයිස්තුවේ සිටින කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී ආයතන දෙකට, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නව කල්බදු මූල්‍යකරණ ණය පහසුකම් සැලසීම සීමා කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad