හික්කඩුව රත්වෙයි - පොලිස් අත්අඩංගුවේදී කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් ජනතාව පාරට බසී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 17, 2020

හික්කඩුව රත්වෙයි - පොලිස් අත්අඩංගුවේදී කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් ජනතාව පාරට බසී

ත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවේදී මියගිය බවට චෝදනා කරමින් හික්කඩුව, කලුපේ ප්‍රදේශයේ දී අදාළ කාන්තාවගේ ඥාතීන් ඊයේ (16) විරෝධත්වක නිරත වුණා.

හික්කඩුව පොලීසියට විරෝධය පළ කරමින් සිදුකළ මෙම විරෝධතාවදී ඔවුන් පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙසයි.

මේ අතර අදාළ 52 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය ගිලදැමූ බවයි පොලිසිය පවසන්නේ.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අද (17) දිනයේ සිදුකෙරෙන මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඉදිරි පියවර ගන්නා බවයි. 


No comments:

Post a Comment

Post Bottom Ad