රිෂාඩ් සෙවීම : මේවා නරි නාටක, මෙහෙම ගියොත් අපටත් වෙන්නෙ එජාපයට වෙච්ච දේමයි - විදුර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 17, 2020

රිෂාඩ් සෙවීම : මේවා නරි නාටක, මෙහෙම ගියොත් අපටත් වෙන්නෙ එජාපයට වෙච්ච දේමයි - විදුර

රිෂාඩ් බදූර්දීන් මහතා අත් අඩංගුවට ගැනීමට නොහැකිවීමේ සිදුවීම මෙන්ම මීට පෙර මේ ආකාරයෙන් රවී කරුණානායක, රාජිත සේනාරත්න වැනි මන්ත්‍රීවරුන් ද අත් අඩංගුවට ගැනීමට නොහැකිවීම යනු රටට විහිළු සැපයීමක් බවත් මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් පසුගිය ආණ්ඩුවට අත්වූ ඉරණමම මේ ආණ්ඩුවට ද අත්වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. 

"ඒ පොලිස් කණ්ඩායම් හය හොයන්න තව පොලිස් කණ්ඩායමක් දාලා තියෙනවා, ඒකයි. මේවා නරි නාටක. රවී කරුණානායකවත් හෙව්වා, රාජිත සේනාරත්නවත් හෙව්වා. 

කාටද මේ විහිළු සපයන්නෙ ? අපේ රටේ මිනිස්සුන්ටද ? හැබැයි මේවා දිගින් දිගටම සිද්ධ වුණොත් ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික  පක්ෂයට වෙච්ච දේ අපටත් වෙන්න පුළුවන්. 

හැබැයි කියන්න ඕනෙ දේ, පක්ෂ වෙන්න ඕනෙ දේ, විරුද්ධ වෙන්න ඕනෙ දේ අපි ජනතාවගේ මතය අනුව ඒ වෙලාවට කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

විදුර වික්‍රමනායක මහතා මේ බව පැවසුවේ පොලිස් කණ්ඩායම් 6ක් යොදවා දින තුනක් තිස්සේත් රිෂාඩ් බදූර්දීන් මහතාව අත් අඩංගුවට ගැනීමට නොහැකිවීම පිළිබඳව මාධ්‍යවේදීන් ඊයේ (16) ප්‍රශ්න කළ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමිනි.  


No comments:

Post a Comment

Post Bottom Ad