උසස් පෙළ සහකාර ශාලාධිපතිවරියකට කොවිඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 19, 2020

උසස් පෙළ සහකාර ශාලාධිපතිවරියකට කොවිඩ්

උසස් පෙළ සහකාර ශාලාධිපතිවරියකට කොවිඩ්

මතුගම සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විදුහලේ උසස් පෙළ විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියකට කොවිඩ් වයිරසය ආසාදිත බව තහවුරු වීම නිසා ශාලාධිපති ඇතුළු අට දෙනෙක් නිරෝධායනයට ලක් කළ බව මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාල් දිසානායක මහතා ඊයේ (18) පැවසීය.

ඒ වෙනුවට වෙනම විභාග කාර්ය මණ්ඩලයක් එම ශාලාව සඳහා යොදවා ඇති බවත් පාසල් පරිශ්‍රයම විෂබීජහරණයට ලක් කර විභාගය පැවැත්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවත් කලාප අධ්‍යක්ෂවරයා කීවේය.

No comments:

Post a Comment

Post Bottom Ad