හෝමාගම හෙදියකටත් කොවිඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 19, 2020

හෝමාගම හෙදියකටත් කොවිඩ්

හෝමාගම හෙදියකටත් කොවිඩ්

කහතුඩුව හයිඩ්‍රාමනි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හෙදියකට කොවිඩ් -19 වයිරසය ආසාදිත බවට වාර්තා වීමත් සමග ඇයගේ ආශ්‍රිතයන් තුන්සිය හතළිස් දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ (18) දින සිදුකර ඇත.

කහතුඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. සමරසේකර ප්‍රකශ කළේ මෙම හෙදිය පසුගිය තුන්වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ඇති බවය.

ඇය හෝමාගම, කිරිවත්තුඩුවේ නිවසට පැමිණ සිටියදී කොවිඩ් -19 වයිරසයේ රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ තුනක් සිදුකළ බවද හෙතෙම කීවේය.

මෙම තත්ත්වය යටතේම මෙම හෙදිය දින කිහිපයක් සේවයට වාර්තා කර ඇති බවත්, ඊයේ (18 වැනිදා) දිනයේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ තුන්සිය හතළිහයෙන් ප්‍රතිඵල වාර්තා අනුව කර්මාන්තශාලාවේ සෙසු සේවකයන් පිළිබඳව පියවර ගන්නා බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad