පොලීසියේ පවුලේ දෙකකට කොරෝනා - ආමර් වීදිය පොලිසියේ 16ක් නිරෝධායනයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 19, 2020

පොලීසියේ පවුලේ දෙකකට කොරෝනා - ආමර් වීදිය පොලිසියේ 16ක් නිරෝධායනයට


ආමර් විදිය පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරීන් 16ක් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

එම පොලිසියට අනුයුක්තව ආමර් වීදිය පොලිස් මුරපලේ සේවය කරන සැරයන් වරයෙකුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට වෛරසය ආසාදිතවීම නිසා මෙම පියවර ගෙන තිබේ.

මේ නිසා පැය කිහිපයකට පොලීසිය සම්පූර්ණයෙන්ම වසා විෂබීජ හරනයට කටයුතු කර ඇත.

නිරෝධායනය කරන ලද පොලිස් නිලධාරීන් වෙනුවට වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් අනුයුක්ත කරමින් නැවත පොලිසියේ කටයුතු ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad