එජාප ජ්‍යෙෂ්ඨයින් අද සිරිකොතට රැස්වෙයි - ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අකිලට දෙන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 19, 2020

එජාප ජ්‍යෙෂ්ඨයින් අද සිරිකොතට රැස්වෙයි - ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අකිලට දෙන්න යයි

එජාප ජ්‍යෙෂ්ඨයින් අද සිරිකොතට රැස්වෙයි - ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අකිලට දෙන්න යයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබේ. 

ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති අතර තරුණ නායකයෙකු ඒ සඳහා පත්කිරීම සුදුසු බව පක්ෂ නායකත්වයේ අදහස වී ඇත.

එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය ලබා ගැනීමට තමන් සූදානම් නොමැති බව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබිණි. 

කෙසේවෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad