ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 19, 2020

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6.30 ට ජනාධිපති කාර්යාලයේදී රැස්වීමට නියමිතය.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ලබන 21 විවාදයට ගැනීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙලෙස කැඳවා තිබේ.

මේ අතර ආණ්ඩු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවැත්විණි.

No comments:

Post a Comment

Post Bottom Ad