යාපනය - කොළඹ දුම්රියේ කොරෝනා අවදානමක්! කොරෝනා හැදුණු නාවිකයන් දෙදෙනා දුම්රියෙන් ඇවිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 19, 2020

යාපනය - කොළඹ දුම්රියේ කොරෝනා අවදානමක්! කොරෝනා හැදුණු නාවිකයන් දෙදෙනා දුම්රියෙන් ඇවිත්

යාපනය - කොළඹ දුම්රියේ කොරෝනා අවදානමක්! කොරෝනා හැදුණු නාවිකයන් දෙදෙනා දුම්රියෙන් ඇවිත්

කොරෝනා ආසාදිතයන් බවට පත්ව සිටින කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ දෙදෙනා යාපනයේ සිට කොළඹ දක්වා දුම්රිය මගින් ගමන් කර ඇති නිසා එම දිනයේදී දුම්රියෙන් ගමන් කළ මගීන් දැඩි සැලකිල්ලක් දක්වන ලෙස යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (18) ඉල්ලීමක් කර තිබේ.

කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ සෙබළකුට හා සෙබළියකට කොරෝනා ආසාදිත වී ඇති බවට තොරතුරු තහවුරු වීමෙන් පසුව නිවේදනයක් නිකුත් කර ඇති දිසාපතිවරයා ඔක්තෝබර් මස 4 වැනිදා සවස 3.45ට කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ මේ අය ගමන් කර ඇති බව ද සඳහන් කර තිබේ.

නාවික හමුදා සෙබළා බදුල්ල හා වැලිමඩ පළාත්වල සංචාරය කර ඇති බව සඳහන් කරන යාපනය දිසාපතිවරයා මේ පිළිබඳව ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත් වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් 021-2226666 යන දුරකථන අංකය අමතා දැනගන්නා ලෙසත් දැනුම් දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad