තමන්ගෙන් ඉල්ලීමක් කළහොත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් වුවද සලකා බැලිය හැකි බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (10) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
තමන් දිගටම සිටියේ එක්සත් ජාතික පක්ෂයේ බවත් එය නොවෙනස්ව පවතින අතර සමඟි ජන බලවේගයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේද තවදුරටත් තමන් එජාප පාක්ෂිකයෙක් වන හෙයින් යැයි සමරවීර මහතා සඳහන් කරන ලදී.
තමන් එක්සත් ජාතික පක්ෂයෙන් මොහොතකටවත් ඉවත් නොවූ බවයි ඔහු පැවසුවේ.
රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මංගල සමරවීර මහතා පැවසුවේ ඔහු ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක් බවයි.
No comments:
Post a Comment