අයහපත් කාලගුණය මත පසුගිය සඳුදා (07) නැවතත් වර්ධනය වූ "MT New Diamond" බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සාර්ථක ලෙස පාලනය කිරීමට අද අළුයම් කාලය වන විට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
මේ වන විට නෞකාවෙන් ගිනිදැල් නිකුත්වීමක් හෝ දුම් පිටවීමක් නිරීක්‍ෂණය නොවන බවත්, ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම සිදු කරමින් පවතින බවත් වාර්තා වේ.
ඒ අනුව ආපදාවට පත් නෞකාව මේ වන විට සංගමන්කන්දතුඩුවේ සිට නාවික සැතපුම් 37ක් වූ ගැඹුරු මුහුදට රැගෙන ගොස් ඇති අතර, එම මුහුදු ප්‍රදේශයේ පවතින ඉතාමත් රළු ස්වාභාවය සහ දැඩි සුළං ප්‍රවාහයද හමුවේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
නෞකාවට කිලෝ මීටරයක් පමණ දුරක් දක්වා වූ ප්‍රදේශයේ විහිදී තිබූ ඩීසල් පැල්ලම තිබූ ප්‍රදේශය වෙත විශේෂීත රසායන ද්‍රව්‍යයක් ඉසීමට කටයුතු කෙරේ.
එමගින් සාගර පරිසරයට වියහැකිව තිබූ බලපෑම අවම කළ හැකි බව විශේෂඥ මතයයි.
එමෙන්ම ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයට (NARA) අයත් සමුද්‍රීය පර්යේෂණ නෞකාවක් මේ වන විට එම මුහුදු ප්‍රදේශය වෙත ළඟාවී වැඩිදුර පරීක්‍ෂණ කටයුතු වල නිරතව සිටින බවද ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.
Wednesday, September 9, 2020
Home
දේශපාලන
ගිනිගත් තෙල් නැව අවට කිලෝ මීටරයක් දුරට ඩීසල් පැල්ලමක් - “නිව් ඩයමන්ඩ්” නැවේ අලුත්ම තත්වය
ගිනිගත් තෙල් නැව අවට කිලෝ මීටරයක් දුරට ඩීසල් පැල්ලමක් - “නිව් ඩයමන්ඩ්” නැවේ අලුත්ම තත්වය
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment