හෙරොයින් මිල තුන් ගුණයකින් ඉහළ ගිහින් - පොලීසියෙන් තක්සේරුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 9, 2020

හෙරොයින් මිල තුන් ගුණයකින් ඉහළ ගිහින් - පොලීසියෙන් තක්සේරුවක්

හෙරොයින් මිල තුන් ගුණයකින් ඉහළ ගිහින් - පොලීසියෙන් තක්සේරුවක්

අඛණ්ඩව සිදුකෙරෙන මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන් හෙරොයින් මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (08) පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආරක්ෂක අංශ සිදුකරන වැටලීම් හමුවේ හෙරොයින් මිලගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන වැලිපේ සුරාජ් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

බන්ධනාගාරගතව සිටින ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙකු වන වැලිපේ සුරාජ් නැමැති පුද්ගලයා පෙරේදා (07) රාත්‍රි මිනුවන්ගොඩදී  අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය පැවසුවේ, එහිදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 04 ක් , කඩු 03 ක් හා වායු රයිෆලයක් ද සොයාගත් බවය.

ඔහුගේ මෝටර් රථය ද එහිදී පොලිස් භාරයට ගත් අතර, යුද හමුදාවෙන් පළා ආ 21 ක් හැවිරිදි පුද්ගලයෙකු ද එහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad