කිසිවෙකු වැඩ නොකිරීම පොදු ප්‍රශ්නයක් - ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 18, 2020

කිසිවෙකු වැඩ නොකිරීම පොදු ප්‍රශ්නයක් - ජනපති

කිසිවෙකු වැඩ නොකිරීම පොදු ප්‍රශ්නයක් - ජනපති

තම නිරීක්ෂණයට අනුව රටේ ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ක්‍රියාකාරිත්වය මන්දගාමී වීම කණගාටුවට කරුණක් බවය.

කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් සුපුරැදු ලෙස එකම මට්ටමක තිබීම ඊට නිදසුනක් බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

වැඩ ආරම්භ කර ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළයුතු අතර ආකල්පමය වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සුදානම් විය යුතු බවට ජනාධිපතිවරයා එහිදි සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

රටේ සියලු ඉදිකිරීම් සඳහා රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයම සහභාගී කරවා ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දි තිබේ.

උතුරු පළාතේ සුබසාධන කඳවුරු 22ක වෙසෙන අවතැන් වූ පවුල් 409ක් සඳහා නිවාස ඉදිකර නැවත පදිංචි කරවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් ලබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *