නොදන්නා ගිණුම් වලට මුදල් දාන්න එපා - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 7, 2020

නොදන්නා ගිණුම් වලට මුදල් දාන්න එපා - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලයි

නොදන්නා ගිණුම් වලට මුදල් දාන්න එපා - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලයි

නොදන්නා ආගන්තුක ගිණුම්වලට මුදල් බැර නොකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

තායිලන්තයේ බැංකොක් නගරයේ පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසියෙන් මෙම ඉල්ලීම කර තිබෙන අතර ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලෙසද ඉල්ලා තිබේ.

තායිලන්තයේ රැකියා ලබාදීම, ලොතරැයි දිනුමක් ජයග්‍රහනය කර තිබීම, වටිනා තෑගි පාර්සල් ලබාදීම හා ව්‍යාජ මංගල යෝජනා හරහා සංවිධානාත්මක අපරාධ කල්ලි මුහුණුපොත හරහා මිනිසුන් රවටා මුදල් වංචා කිරීමේ ව්‍යාපාරයක නියැලී සිටින බව පොලිසිය මහජනතාව වෙත දැනුම් දෙයි.

මෙවැනි රැවටීම්වලට ලක් වී මුදල් නොදන්නා ගිණුම්වලට බැර නොකරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad