චොකා මල්ලිට පාර්ලිමේන්තු යන්න අධිකරණයෙන් අවසර ලැබේ.. නියෝගය බන්ධනාගාරයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 7, 2020

චොකා මල්ලිට පාර්ලිමේන්තු යන්න අධිකරණයෙන් අවසර ලැබේ.. නියෝගය බන්ධනාගාරයට

රණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතකර සිටින ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අද දිනයේ අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ප්‍රේමලාල් ජයසේකර විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමිනි.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මැතිවරණ කොමිසම විසින් මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කර ඇතත් බන්ධනාගාර දෙපාර්තමේන්තු විසින් ඔහුට පාර්ලිමේන්තුව පිවිසිමට අවසර ලබාදුන්නේ නැත.

එනිසා ඊට එරෙහිව ඔහු විසින් අභියාචනයක් ගොනු කරන ලදී.

තමට නියම කර ඇති මරණ දඬුවමට විරුද්දවද ඔහු විසින් අභියාචනයක් ගොනු කර තිබේ. 


No comments:

Post a Comment

Post Bottom Ad