20ට ඡන්දෙ විමසන දින තීරණාත්මකයි - දේශපාලන පෙරළියක් ගැන අගමැති මහින්දගෙන් අනාවැකියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 7, 2020

20ට ඡන්දෙ විමසන දින තීරණාත්මකයි - දේශපාලන පෙරළියක් ගැන අගමැති මහින්දගෙන් අනාවැකියක්

20ට ඡන්දෙ විමසන දින තීරණාත්මකයි - දේශපාලන පෙරළියක් ගැන අගමැති මහින්දගෙන් අනාවැකියක්

සුළු කණ්ඩායම්වල සැබෑ මුහුණු අනාවරණය වන්නේ ඔවුන් 20 සංශෝධනයට පාර්ලිමේන්තුවේදී කැමැත්ත අකමැත්ත පළ කරන ඡන්ද විමසීමේදී බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම සුළු දේශපාලන පක්‍ෂ ආණ්ඩුව සමග එක්වීමට කැමති බවට නිල දැනුම් දීමක් කර නැතත් එම පුවත රට පුරා ප‍්‍රසිද්ධවී තිබෙන බවද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

20 ගැන විපක්‍ෂය අද විවිධ කතා පතුරුවන බවද රටේ ජනතාව විපක්‍ෂයේ කතා තඹේකටවත් මායිම් නොකරන බවද පසුගිය මැතිවරණ සමයේ විපක්‍ෂය දේශපාලන වේදිකාව තුළ කි‍්‍රයා කළ ආකාරය පිළිබඳව සැලකීමක් නොදැක්වූ ජනතාව අදත් එම මතයේම සිටින බවද අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.

අගමැතිවරයා මේබව ප්‍රකාශ කර ඇත්තේ ජාතික පුවත්පතකට අදහස් පළකරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad