නෙළුවට තවත් ලෙඩක් - ජල සැපයුමත් නවතා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 7, 2020

නෙළුවට තවත් ලෙඩක් - ජල සැපයුමත් නවතා දමයි

නෙළුවට තවත් ලෙඩක් - ජල සැපයුමත් නවතා දමයි

නෙළුව සහ අවට ග‍්‍රාම නිලධාරී වසම් 08ක වෙසෙන 200 කට ආසන්න වැසියන් පිරිසකට ඉකුත් දින දෙක තුළ බඬේ අමාරුව සහ වමනය සෑදී නෙළුව, හිනිදුම රෝහල්වලින් සහ පෞද්ගලික වෛද්‍ය ආයතනවලින් ප‍්‍රතිකාර ලබාගෙන ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

පසුගිය බ‍්‍රහස්පතින්දා පාසල් ළමුන් දෙතුන්දෙනකු නෙළුව රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගෙන තිබූ බවත් සෙනසුරාදා සවස් වන විට එම සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබුණු බවත් බලධාරීහු පෙන්වා දුන්හ.

නෙළුව නගරයට සහ මෙම ගම්මාන 08ට ජලය සපයන ගිගුරුව ඇළ ජල යෝජනාක‍්‍රමයේ ජල පාරිභෝගිකයන්ගෙන් කොටසක් මෙසේ රෝගාතුර වී ඇතැයි ද වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රෝගීන් දෙදෙනකු උඩුගම මූලික රෝහලට ද ඇතුළත් කර ඇතැයිද වාර්තා වේ.

මෙම තත්ත්වය වාර්තාවීමත් සමග ජල මූලාශ‍්‍රයෙන් ජලය බෙදා හැරීම අත්හිටුවූ ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප‍්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම ජල ආදර්ශන ගෙන පරීක්ෂණ සඳහා යවා ඉහළ නිලධාරීන්ට වාර්තා කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය (05) වනදා නෙළුවට පැමිණි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා අදාළ නිලධාරීන් සහ ගම්වැසියන් සමග සාකච්ඡා කිරීමෙන් සහ ජල මූලාශ‍්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව පැවසුවේ මෙම ජල මූලාශ‍්‍රයේ ජලයෙහි විෂබීජ අන්තර්ගත බව මෙතෙක් කෙරුණු පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවය.

ජලය නිකුත් කිරීම අත්හිටුවා සෞඛ්‍ය අංශයේ උපදෙස්වලට අනුව ජල පිරිපහදු කටයුතු සිදුකරන ලෙස අදාළ ජල පාරිභෝගික සමිතියට උපදෙස් දුන් බවත් ජලය නිකුත් කිරීමට අවසර දිය හැක්කේ ඊට පසු කෙරෙන පරීක්ෂණවලින් පසුව යැයි ද අධ්‍යක්ෂවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad