උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ මහතා මෙම මාසයේ මැද භාගයේදී විශ්‍රාම ගැනීමට නියමිතය.
පද්මසිරි මුණසිංහ මහතා උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට බැඳී ඇත්තේ 1982 වසරේ අප්‍රේල් මාසයේයි.
පොලිස් විශේෂ කාර්ය බළකායට බැඳුණු පළමු කණ්ඩායමේ සාමාජිකයකුව සිටි පද්මසිරි මුණසිංහ මහතා 1984 වසරේ සිට වසර 14ක් එම බළකායේ රාජකාරි කර තිබේ.
ඒ අනුව මීළඟ ජ්‍යෙෂ්ඨත්ව ලැයිස්තුව අනුව අංක එකට නම් සටහන්ව ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතායි.
මීළඟට ජ්‍යෙෂ්ඨත්වය මත රැඳී සිටින්නේ උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යන මහත්වරුන්ය.
No comments:
Post a Comment