හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට සහ 2015 වසරේ පැවැති මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට තරග කළ කුමරන් සර්වානන්දට ලබන 17 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.
ඒ ජනාධිපති කොමිසම හමුවේ චුන්නාකම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඥාණලිංගම් මයුරන් මහතා ලබාදුන් ප්‍රකාශයකට අනුවය.
ඊයේ (05) කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඥාණලිංගම් මහතා ප්‍රකාශ කළේ සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනයට කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂීකුමාර් හෙවත් සුවිස්කුමාර් නැමැත්තා මුදාගැනීම සඳහා විජයකලා මහේෂ්වරන් මහත්මිය ඍජුව මැදිහත් වූ බවය.
එමෙන්ම චුන්නාකම් පොලිස් බල ප්‍රදේශයේ දී 2011 වසරේ සිදුවූ කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු අත්අඩංගුවෙන් මිදී පළා යාමේදී දියේ ගිලී මියයාම සම්බන්ධයෙන් තමා ඇතුළු නිලධාරීන් 05 දෙනෙකු වසර 10ක කාලයක් සඳහා සිරගත කරනු ලැබුවේ විජයකලා මහේෂ්වරන්ගේ බලපෑම මත විය හැකි බවද ඔහු පැවසීය.
ඒ අනුව, හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ට සහ කුමරන් සර්වානන්ද යන අයටත් සැප්තැම්බර් 17 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරනු ලැබිණි.
Sunday, September 6, 2020
Home
දේශපාලන
විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු මුදාගැනීමට විජයකලා ඍජුව මැදිහත් වුණා - ජනපති කොමිසමේදී හෙළිවෙයි
විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු මුදාගැනීමට විජයකලා ඍජුව මැදිහත් වුණා - ජනපති කොමිසමේදී හෙළිවෙයි
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment