20ට එරෙහි වෙන්න සජිත්ගෙන් අලුත් වැඩක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 6, 2020

20ට එරෙහි වෙන්න සජිත්ගෙන් අලුත් වැඩක්

20ට එරෙහි වෙන්න සජිත්ගෙන් අලුත් වැඩක්

විසි වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ සියළු පාර්ශ්ව එක් කර ගනිමින්, එම සංශෝධනයට එරෙහිව ගතහැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බව සමගි ජනබලවේගය පවසයි.

විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමට ද සිය පක්ෂය බලාපොරොත්තු වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. 

විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළඹෙන සතිය තුළ සිය පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම රැස්වීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad