චොකා මල්ලි වෙනුවට එන අපේක්‍ෂකයන්ගේ මනාප සමානයි.. මන්ත‍්‍රී තෝරන්න කාසියක් උඩ දමනවා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 1, 2020

චොකා මල්ලි වෙනුවට එන අපේක්‍ෂකයන්ගේ මනාප සමානයි.. මන්ත‍්‍රී තෝරන්න කාසියක් උඩ දමනවා !

ත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලිට මන්ත්‍රී ආසනය අහිමි වූවහොත් පුරප්පාඩු මන්ත්‍රී ධුරය පිරවීමට කුසපත් ඇදීමක් සිදු කරන බව මැතිවරණ කොමිෂන් බව සඳහන් කරයි.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ මනාප ලයිස්තුව අනුව මීලගට සමාන මනාප ලබාගත් අපේක්ෂකයන් දෙදෙනකු සිටියි.

සනී රෝහණ කොඩිතුවක්කු හා රංජිත් බණ්ඩාර යන අපේක්‍ෂකයන් මෙවර මනාප ඡන්ද 53261 බැගින් ලබාගෙන ඇත.

ඔවුන්ගෙන් කෙනෙකු තෝරා ගැනීමට සිදු වූවොත් කුසපත් ඇදීමක් හෝ කාසියක් උඩ දැමීම සිදු කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු ඉතිහාසයේ මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීම සඳහා මෙතෙක් කුසපත් ඇදීමක් හෝ කාසි උඩ දැමීමක් සිදු කර නැත.

මරණ දඬුවම හිමි වීම හේතුවෙන් චොකා මල්ලිට පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතත් කතානායකවරයා සඳහන් කර ඇත්තේ ඔහුට පාර්ලිමේන්තු පැමිණිමට හැකි බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad