තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස භූමිතෙල් වක්කර ගිනිතැබීමට තැත්කළ සැකකාර පියෙකු බගවන්තලාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් ප්‍රසාද් ලියනගේ මහතා වෙත අද (08) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුව මේ මස 19වෙනි දින දක්වා රක්ෂීත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරුගේ බිරිඳ මීට මාස හයකට (6) ප්‍රථම මැලේසියාවේ ගෘහ සේවයට ගොස් ඇති අතර බිරිඳ විසින් කිසිදු මුදලක් මේ වන තෙක් නොඑවීම හේතුවෙන් දැඩි කෝපයෙන් සැකකරු සිට තිබේ.
ඊයේ (07) රාත්‍රි 7.30ට පමණ තම නිවසේ සිට දරුවන් දෙදෙනා සමඟ බිරිඳට දුරකථනයෙන් කතාකර වියදමට මුදල් එවනා ලෙස කරන ලද ඉල්ලීමට බිරිඳ විසින් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කෝපයට පත් පියා නිවසේ තිබූ භූමිතෙල් බඳුන ගෙන දරුවන් දෙදෙනාට භූමිතල් වක්කර ඇත.
පසුව දරුවන් දෙදෙනාගේ කෑගසන ශබ්දය ඇසී දරුවන් දෙදෙනාගේ මාමා සහ නැන්දනිය එම නිවසේ දොර කඩාගෙන නිවස ඇතුලට යන අවස්ථාවේ දරුවන් දෙදෙනා භූමිතෙල් සහිතව නිවසෙන් එළියට පැන ආ බවයි දරුවන් දෙදෙනාගේ නැන්දනිය පවසා ඇත්තේ.

No comments:
Post a Comment