එජාපය ගොඩගත හැකි මටයි.. එජාප නායකත්වයට සුදුසු මමයි - කරු මහනාහිමිවරුන් වන්දනාවේ යමින් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 1, 2020

එජාපය ගොඩගත හැකි මටයි.. එජාප නායකත්වයට සුදුසු මමයි - කරු මහනාහිමිවරුන් වන්දනාවේ යමින් කියයි

ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දැරීම සඳහා වුවමනා කරන පළපුරුද්ද හා සුදුසුකම් තමන් සතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

අද වන විට බින්දුවට වැටී ඇති එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩ ගැනීමට තමන්ට හැකි වනු ඇති බව ද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මල්වතු මහ නාහිමියන් බැහැ දැකිමට ගිය අවස්ථාවේදීය.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් වුවද එය බලහත්කාරයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලබා ගැනීමේ කිසිදු උවමනාවක් නැති බවද කියා සිටියේය.

තමන්ට නැවතත් පාර්ලිමේන්තු යන්න උවමනාවක් නැති බවද මෙරට ප්‍රබලතම දේශපාලන පක්ෂය අද ඇද වැටී තිබෙන තත්වයෙන් ගොඩ ගැනීම තම මූලික අරමුණ බවද ඔහු තවදුරටත් එහිදී පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad