ආනවිලුන්දාව සිද්ධිය: මේක මගේ ඡන්දදායකයෙක් කරපු දෙයක්.. මම සම්බන්ධ නම් දඬුවමට සූදානම් - ඇමැති සනත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 1, 2020

ආනවිලුන්දාව සිද්ධිය: මේක මගේ ඡන්දදායකයෙක් කරපු දෙයක්.. මම සම්බන්ධ නම් දඬුවමට සූදානම් - ඇමැති සනත්

ආනවිලුන්දාව සිද්ධිය: මේක මගේ ඡන්දදායකයෙක් කරපු දෙයක්.. මම සම්බන්ධ නම් දඬුවමට සූදානම් - ඇමැති සනත්

ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

පුත්තලම දංකොටුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. 

“ඊයේ උදේ ජනාධිපතිවරයා මට කථා කරලා කිව්වා. සමාජ ජාලවල යන ආනවිලුන්දාවේ පළහිලවට ඔයාගේ තියෙන සම්බන්ධය මොකක්ද? කියලා. මම ජනාධිපතිවරයාට දුන් උත්තර මගේ කිසි සම්බන්ධයක් නැහැ. මගේ වචනෙකින් හරි සම්බන්ධ නම් දඬුවමට සූදානම්. මෙය මා විසින් හෝ මගේ කෙනෙකු කළ දෙයක් නොවෙයි.  හැබැයි මගේ ඡන්දදායකයෙක් මගේ ගම්වැසියෙක් කරපු දෙයක්. මේ සිදුවෙලා තියෙන කාරනය සම්බන්ධයෙන් මම ස්ථානීය පරීක්ෂාවක් කරලා මගේ ඇස් දෙකෙන් ම මම දැක්කා. මෙහි කිසිදු පරිසර හානියක්වෙලා නැහැ," යනුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad