ඒ නිසා ජනතාව ලෙස පුරවැසි යුතුකම ඉටුකරන ලෙසයි උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
හැකි ඉක්මණින් ජන්ද පොළට ගොස් මැතිවරණ කොමිසම, ආරක්ෂක අංශ විසින් සහ සෞඛ්‍ය අංශ විසින් දී තිබෙන නිර්දේශ අනුව ඉදිරිපත් කර තිබෙන වැඩසටහනට එකඟව කැමැත්ත ප්‍රකාශ කරන ලෙස අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කරති.
''එම ක්‍රමවේදය හරහා පාර්ලිමේන්තුවට සුදුස්සන් තෝරා යැවීම ඔබගේ වගකීමක්. මේ රටේ අනාගතයට සුදුසු තීන්දු තීරණ ගැනීමට,රට ප්‍රගතිය කරා ගෙනයාමට,ඔබ ගන්නා තීරණය වැදගත් තීරණයක් බවට පත්වෙනවා. එය මඟහරින්න එපා. එම පැහැරහැරීම නිසා අපේ රටට යම්කිසි කරදරයක් ඇති වුණොත් එයට ඔබත් කොටස්කරුවෙකු වෙන නිසා ඔබගේ යුතුකම ඉටුකරන්න'' යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටිති.


No comments:
Post a Comment