"දැන් කාටවත් කියන්න පුළුවන්ද ඡන්ද පෙට්ටි මාරු කරනවා, මේක ඇතුළට වෙන ඒවා දානවා කියලා. බොරු, පට්ටපල් බොරු. ජනතාව තුළ අර පොඩි ළමයින්ට බත් නොකෑවොත් බිල්ලා අරන් යනවයි කියන එක, එහෙම නැත්නම් රෝස කැලෙන් තමා ඔයා ඇහිඳන් ආවෙයි කියලා පෙන්නන පට්ටපල් බොරු.
දැන් අවුරුදු 40ක් තිස්සේ පැවති කිසිම ඡන්ද විමසීමක එවැනි දේකට අපි ඉඩතියලා නෑ. පොරෝවලින් ගහලා, පිස්තෝල ඔළුවට අල්ලලා ඡන්දෙ දාපුවා තියෙනවා. දැන් කවුරුත් ඒවා කරන්න එන්නෙ නෑ. මොකද එහෙම වුණොත් අපි ඡන්දපොල ඇනල් කරනවා, අනිත් එක අපි පොලිස් නිලධාරීන්ට කියලා තියෙනවා මේ තුවක්කු දීලා තියෙන්නෙ දත් මදින්න නෙවෙයි බුරුසුවලින් වගේ කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:
Post a Comment