වැලිඩට කුඩු ඇද්ද පූසා හිරෙන් පැන යයි.. අල්ලන්න මෙහෙයුම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2020

වැලිඩට කුඩු ඇද්ද පූසා හිරෙන් පැන යයි.. අල්ලන්න මෙහෙයුම්

කොළඹ මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනයාම සඳහා යොදාගත් බලලා අතුරුදහන්ව ඇතැයි වාර්තාවෙයි.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම බලලා අතුරුදහන් වී ඇත්තේ කාමරයක රඳවා සිටියදී බවයි.

එම බලලා ලවා මත්ද්‍රව්‍ය ගෙන්වා ඇත්තේ කුමන රැුඳවියෙකුටද යන්න සොයා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

පෙරේදා දිනයේ මෙම බලලා මැගසින් බන්ධනාගාරය අසලදී බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගනු ලැබ තිබිණි.

හෙරොයින් කවරයක අසුරා එම බළලාගේ ගෙලේ බැද තවත් සිම් කාඩ්පත් දෙකක් සමග බන්ධනාගාරය තුළට යවා තිබේ.

බලල සොයා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad