"රජය, අගමැතිතුමා නිතරම කියන දෙයක් තමයි 19 වැනි සංශෝධනය ඉවත් කරනවා කියන එක. අපි එතුමන්ලාගෙන් අහන්න ඕනෙ 19 වෙනි සංශෝධනයට ඔබතුමන්ලාත් ඡන්දය දුන්නා නේද ? ඒක තුනෙන් දෙකකින් සම්මත වෙන්න මූලික වුණේ, ප්‍රධාන වුණේ අද ඔය ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ කණ්ඩායම. අපි යෝජනාව ගෙනාවා විතරයි. යෝජනාව අනුමත කරන පියවරු හිටියේ රාජපක්ෂ කඳවුරේ. දැන් ඒගොල්ලො ඒක විවේචනය කරනවා.
දැන් මොකද්ද මේගොල්ලොන්ගෙ අවශ්‍යතාවය ? ස්වාධීන මැතිවරණ කොමිසම අහෝසි කිරීම. ස්වාධීන අධිකරණය නැත්තට නැතිකරලා නැවත වතාවක් තමන්ගේ හිතවතුන්ගෙන් අධිකරණය පිරවීම. පොලිස් කොමිසම දැනටමත් ප්‍රායෝගිකව නිශ්ක්‍රිය කරලා තියෙනවා. ඉදිරියට පොලිස් කොමිසම සම්පූර්ණ දේශපාලන පත්වීම්වලට යටකිරීම.
නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් මේ රටට ලබාදුන්නා යහපාලනය කිසියම් දුරකට. අපි මාධ්‍යවේදියෝ කාවවත් පැහැරගෙන ගියේ නෑ. කිසිම ඝාතනයක් සිද්ධ වුණේ නෑ. අද මේ වෙනකල් අධිකරණ වාර්තාව නෑ නිදහස් චතුරස්‍රයේ වෙඩිතබාගත් පුද්ගලයාගේ. ඔහු සියදිවි නසාගත්තාද ඝාතනය කළාද කියන එක අද වෙනකල් කිව්වෙ නෑ. ඉතිං අපට පේනවා නැවත පටන් අරන් තියෙනවා පරණ සෙල්ලම වෙනත් ආකාරයකට" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:
Post a Comment