පොහොට්ටුව ගන්න ආසන ගණන බැසිල් ටක්කෙටම කියයි.. දිනන දිස්ත‍්‍රික්කත් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2020

පොහොට්ටුව ගන්න ආසන ගණන බැසිල් ටක්කෙටම කියයි.. දිනන දිස්ත‍්‍රික්කත් කියයි

මෙවර මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර මැතිවරණයෙන් ස්ථිර වශයෙන්ම ජය ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. තමන් සාස්තර කාරයෙක් නොවුනත් මෙවර මැතිවරණයේ ශ්‍රී ලංකා පෙරමුණ ආසන 130-135 අතර ප්‍රමාණයක් ලබා ගන්නා බව ඔහු පැවසීය.


මෙවැනි මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයෙන් අඩක් වත් දෙවන ස්ථානය දිනාගන්නා පක්ෂය ලබා නොගන්නා බවද ඔහු කියා සිටියේය.

මෙරට පැරණිතම දේශපාලන පක්ෂය මෙවර මැතිවරණයේදී හතරවැනි තැනට නොවැටී බේරුනොත් ප්‍රමාණවත් යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

දෙමළ සන්ධානය දිස්ත්‍රික්ක තුනක් පමණ ජයගනු ඇති බවත් කී ඔහු සෙසු සියළු දිස්ත්‍රික්ක පොදුජන පෙරමුණ විසින් ජයගන්නා බවද කියා සිටියේය.

දැන් සිටින විපක්ෂය විහිලු සපයන නිසා ජනතා විමුක්ති පෙරමුණට වැඩි ආසන ප්‍රමාණයක් ලැබෙනවා නම් තමන් සතුටු බවද ඔහු පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad