"ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු පිරිසකට දෙනු ලැබූ තීන්දුව අවසානාත්මක තීන්දුවයැයි කවුරුවත් නොසැලකිය යුතුයි. ලංකාවේ නීතිය අනුව අවසානාත්මක තීන්දුව දිය හැකිවන්නේ අභියාචනාධිකරණයටයි. මෙය මුල් උසාවියේ දෙනු ලැබූ තීන්දුවක්.
මේ නඩු තීන්දුවේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසය පිළිබඳ ගැටළුව මූලික ප්‍රශ්නයක් වශයෙන් මතුකරන්න අපි බලාපොරොත්තු වෙනවා අභියාචනාධිකරණයේ. දැන් කවුරුත් කල්පනා කරනවා මේ අපේක්ෂකත්වයට හානියක් තියෙනවාද කියලා මේ නඩු තීන්දුවෙන්. කිසිසේත්ම නෑ !
මේ නඩු තීන්දුව අභියාචනාධිකරණයට යොමුකළ අවස්ථාවේ සිට මේ නඩු තීන්දුවේ වලංගුභාවයක් නෑ. ඒකනිසා අපට ඔහුගේ අපේක්ෂකත්වයේ වලංගුභාවය ගැන කිසිම ගැටළුවක් ඇත්තේ නෑ. ඡන්දය දෙන ඔබට ගැටළුවක් ඇත්තෙත් නෑ. ඔහුට, ඔහුගේ ඉලක්කමට ඡන්දය දෙන්න ඡන්දදායකයාට තියෙන අයිතියත් එම ඡන්දය ගණන් කිරීමට මැතිවරණ කොමිසමට තියෙන වගකීමත් අනුව ඔහුගේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසමට බැඳීමක් තිබෙනවා.
ඒ අනුව ඡන්දෙන් පසුව ඔහු ලබන ඡන්ද ප්‍රමාණය මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඔහු තේරීපත්වූ මන්ත්‍රීවරයකු හැටියට ප්‍රකාශ කරනවා නියතයි කියා අපි විශ්වාස කරනවා අද තියෙන දේශපාලන තත්වය ගැන තියෙන මැනීමක් අනුව. මේ නඩු තීන්දුව මේ කිසිවකට බාධාවක් නොවන බව ඉතාම පැහැදිලිව කිව යුතුයි. අපට තියෙන එකම ප්‍රශ්නය අභියාචනාධිකරණයේදී කල්යාම අපි වළක්වාගත යුතුයි. එය හැකි තරම් ඉක්මනින් ඔහු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමත් ඔහු මහජනයා වෙනුවෙන් කටයුතු කිරීමත් පාර්ලිමේන්තුවේ කටයුතුවලට දායක වීමත් වෙනුවෙන් ඔහුට තියෙන මහජන වගකීම ඉටු කරන්න මේ අභියාචනාව හැකි තරම් ඉක්මනින් අසා නිමකළ යුතු බව අපේ පිළිගැනීමයි.
ඔහු සිරභාරයේ හිටියත් ඔහුව පාර්ලිමේන්තුවට එවීමට බන්ධනාගාරයට වගකීමක් තියෙනවා, ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. වෙනදාටත් වඩා ඔහුට මනාපය ලබාදෙන්න" යනුවෙනුයි එම පක්ෂයේ ඉදිරිපෙළ නායකයකු වන වාසුදේව නානායක්කාර මහතා ඊයේ (01) රත්නපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

No comments:
Post a Comment