රනිල් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට ඇවිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 31, 2020

රනිල් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට ඇවිත්

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබෙනවා.

අද උදැසන 10 ට පමණ හිටපු අග‍්‍රාමාත්‍යවරයා එම පොලිස් ඒකකය වෙත පැමිණි බවයි වාර්තා වන්නේ .

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පැමිණෙන ලෙස ඉකුත් දා කළ දැනුම්දීමකට අනුවයි හිටපු අග‍්‍රාමාත්‍යවරයා අද (31) එම කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියේ.

මේ අතර ප‍්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අකිල විරාජ් කාරියවසම් ද පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද පෙරවරුවේ පැමිණියා.

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ද පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය ඉකුත් දා ඔහුගේ නිල නිවෙස වෙත ගොස් ප‍්‍රකාශයක් ලබාගත්තා.


No comments:

Post a Comment

Post Bottom Ad